Life
සැත්කම් එපා!
මෙන්න කූඩැලු ප්‍රතිකාරය...
නහර ගැට ගැසීම්,වාත වේදනා ,
සුව නොවන තුවාල,
රෝග රැසකට සහනය
අද බොහෝ දෙනා කතා කරන්නේ ආයුර්වේද නොහොත් හෙළ වෙදකම ගැනයි. සිංහල වෙදකම ගැන කෙනෙක් කතා කරන විට ඔවුන්ගේ මතකයට එන්නේ ගුලි, කල්ක චූර්ණ, තෙල් බෙහෙත් කෂාය ගැනයි. එහෙත් හෙළ වෙදකම යනු තෙල් බෙහෙත් කෂාය නොවේ. සාර්ථක නිරෝගිමත් ජීවිතයකට මාවත විවර කරන මෙලොවත් පරලොවත් ජයගන්නා අයුරු කියාදෙන මිනිසත් බවේ උත්තරීතර පල නෙලා ගැනීමට මිනිසා පොලඹවන නිවැරදි ජීවන ක්‍රමය හෙළ වෙදකමයි.
අද වන විට සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ. අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රම මඟින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුවකළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්ෂේත්රයේ පෑ දස්කම්ද ඊට හේතු විය. කාලයක් කුඩම්මාගේ සැලකිල්ල ලැබූ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෝෂණය කොට ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ක්‍රියා කරන තවත් දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු සොයා මහරගම අංක 50/1, නාවින්න පරණ පාරේ ශ්‍රීලන්කන් දේශීය ආයුර්වේද වෛද්‍ය නිකේතනයට ගොඩ වැදුනෙමු. එහි අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ආයුර්වේද වෛද්‍ය එම්. බී. සුමේධ පීරිස් මහතා පලකළ අදහස් ඔස්සේ මේ ලිපිය පෙළ ගැසේ.
ශ්‍රී ලන්කන් වෛද්‍ය නිකේතනයෙන් සිදුවන කාර්යභාරය කුමක්ද?
මෙම ස්ථානයට ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරු 15 දෙනෙක් සියලූම රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැමිණෙනවා. එමෙන්ම දුර බැහැර ප්‍රතිකාර කරනු ලබන ආයුර්වේද වෛද්‍යවරු එක් ස්ථානයකට පැමිණීමෙන් රෝගියා දුර බැහැර නොගොස් මෙම ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීමයි.
ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන්ට මෙම ආයුර්වේද නිකේතනයට මුදලක් ගෙවීමකින් තොරව (ඉරිදා හැර) සතියේ දින 6 ක්ම භාවිතා කර ප්‍රතිකාර ලබාදීමට ඉඩකඩ සලසා තිබෙනවා. ඒ වගේම දුර බැහැර ප්‍රදේශවලින් කොළඹට පැමිණ ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට ශ්‍රී ලන්කන් දේශීය වෛද්‍ය නිකේතනය භාවිතා කරන ලෙස ආරාධනා කරනවා.
ඒ වගේම කූඩැල්ලන් මගින් නොයෙක් රෝග සුව කිරීමට අප නිකේතනයෙන් විශේෂ සායනයක් සිදු කරනවා.
කූඩැල්ලන් ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගීන් සුව කරන්නේ කෙසේද?
ප්‍රතිකාරයක් ලෙස පුද්ගලයෙකුගේ සිරුරේ දූෂිත රක්තය ඉවත් කිරීම සඳහා කූඩැල්ලන් යොදා ගන්නවා. මෙම ප්‍රතිකාර ක්‍රමය මඟින් රෝගීන්ට ශල්‍යකර්මවලට භාජනය නොවී රෝග සුවකර ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම කූඩළු ප්‍රතිකාර ක්‍රමය සඳහා එක් රෝගියෙකුට එක් විශේෂිත කූඩැල්ලකු ඖෂධවලින් සෝදා ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නවා.
(ප්‍රතිකාරයක් ලෙස පුද්ගලයකුගේ සිරුරෙහි රක්තය ඉවත් කිරීම රක්ත මොක්ෂණයයි. ලේ දුෂිත වීමෙන් හටගත් රෝග තත්ත්වයන්හිදී එම දුෂිත රක්තය ඉවත් කිරීමෙන් රෝග සුවපත් කිරීමට මෙම ප්‍රතිකාරය ඉවහල්වේ. මෙසේ රක්තය ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රම කිහිපයකි. කූඩැල්ලන් ලවා රක්තය බැහැර කිරීම වඩා ප්‍රචලිත ක්රමයකි. මේ හැරෙන්නට ගව අං, ලබු කබල් යොදා ගැනීමෙන්ද කේතමෝක්ෂණය කරනවා)
කුමන රෝගී තත්ත්වයන් සුව කිරීමටද කූඩැල්ලන් යොදා ගන්නේ?
චර්ම රෝග, නහර ගැටගැසීම, වාත රෝග, දද කුෂ්ඨ, වේදනා, ඉදිමුම, සුව නොවන තුවාල වැනි නොයෙක් රෝගවලට ශල්‍යකර්මවලට යොමු නොවී රෝග සුව කිරීමට හැකියි. මෙම ප්රතිකර්මය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ආගන්තුක ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. අපගේ පාරම්පරික වෛද්‍ය ක්රමවලදී එදා සිට අද දක්වා මෙම කූඩැල්ලන් යොදාගෙන දේශීය වෛද්‍යවරු මගින් ප්‍රතිකාර කරනු ලබනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් අප භාවිතා කරන්නේ ඖෂධීය කූඩැල්ලන් පමණයි. මෙම කූඩැල්ලන් විෂ සහිත සහ විෂ රහිත ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර ඖෂධීය කූඩැල්ලන් අයත් වන්නේ විෂ රහිත කූඩලු වර්ගයටයි.
මෙම සතුන් ප්‍රතිකාර සඳහා යොදා ගැනීම අසාත්මිකතා ඇති කරවිය හැකිද?
ඇතැම් අයට අසාත්මිකතා ඇතිවිය හැකි නිසා රෝගියෙකුට ප්‍රතිකාර කිරිමට ප්‍රථම අප විසින් රෝගියා කූඩැල්ලන්ට අසාත්මිකතා දක්වනවාද නැද්ද යන්න පිළිබඳව මූලිකව සොයා බලනවා. ඒ වාගේ විශේෂයෙන් මොවුන් ප්‍රතිකාර පිණිස යොදා නොගන්නා අවස්ථා කිහිපයක්ද පවතිනවා. ඒ අය නම් දියවැඩියාව වැළඳී ඇති රෝගීන්, ගර්භනී කාන්තාවන්.
රෝගියෙකුට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට පෙර මෙම සතුන් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කරනවාද?
ඇත්තෙන්ම මෙම සතුන් මූලිකව කහ යෙදූ ජලයේ විනාඩි 7 ක් පමණ කාලයක් සේදීමක් කරනු ලබන අතර පසුව පිරිසිදු ජලයේ බහා අදාළ රෝගියාගේ ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබේ. පසුව එම සත්වයන් අපිරිසිදු රුධිරය ක්‍රමයෙන් උරා බීමට සලස්වන අතර ශරීරය පුරා ඕනෑම ඉන්ද්‍රියක් සඳහා මොවුන් යොදා ගන්නවා. මෙහිදී ප්‍රතිකාර සඳහා එම සතුන් යොදා ගන්නා ස්ථානය අනුව ඔවුන්ගේ ප්‍රමාණයද විවිධයි. උදාහරණයක් ලෙස මුහුණේ ඇතිවී තිබෙන කුරුලෑ වැනි රෝග සඳහා ප්‍රතිකාර කරන විට ඒ සඳහා කුඩා කූඩැල්ලන් ද නහර ගැට ගැසීම වැනි රෝග සඳහා තරමක් වැඩුණු කූඩැල්ලන්ද මෙහිදී භාවිතා කරනවා.
ලේ උරා බීමෙන් පසුව සිදු වන්නේ කුමන ක්‍රියාවලියක්ද?
රුධිරය ඉවත් කළ හැකි ඖෂධ දමනවා . මෙහිදී නැවත මුවින් උරා බොන රුධිරය ඉවත් වුවත් එම සතුන්ට ගැටලුවක් ඇති වන්නේ නැහැ. නමුත් එම සතුන්ගෙන් නිසි ආකාරයට රුධිරය ඉවත් නොවුණහොත් "ඉන්ද්රමදය" නැමැති රෝගයන් කූඩැල්ලන්ට ඇතිවිය හැකියි. කෙසේ වෙතත් මේ ආකාරයට රුධිරය ඉවත් කරගත් කූඩැල්ලන් නැවත මානෙල්, කෙකටිය ආදී පැළෑටිවලින් යුතු පිරිසිදු ජලයේ බහාලනු ලබනවා.
ශ්‍රී ලන්කන් නිකේතනයට පැමිණෙන වෛද්‍යවරුන් ගැන සඳහන් කරනවා නම්?
සන්ධි රෝග සායනයේ දී වෙදගම, හොරිවිල ප්‍රසාද් සේනානායක මහතාගේ සේවය වගේම සියලුම සර්වාංග රෝග, මානසික රෝග, ජලභීතිකා, වකුගඩු, දියවැඩියාව, අංශභාග, අපස්මාරය, සියලුම ආකාරයේ ස්නායු රෝග, අක්ෂි රෝග, මීමැස්මොර, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, පාරම්පරික වෛද්‍යවරුන්ගේ සේවය මෙම නිකේතනයේ දී ලබාගත හැකියි. තවද මෙයට අමතරව දිය පීනස, ලේ පීනස, ගඳ පීනස, ගල් පීනස ආදී පීනස් රෝග 14 ම හඳුනාගෙන ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම වන පොට්ටනි තැවිලි, නස්න ප්‍රතිකාර, විශේෂිත බෙහෙත්, ශීරෝධාරා නිල ප්‍රතිකාර මෙහිදි ලබා දෙනවා .වෛද්‍ය නිරීක්ෂණය යටතේ කාන්තාවන්ට කාන්තාවන්ද පුරුෂයන්ට පුරුෂයන්ගෙන්ද පංචකර්ම කටයුතු ලබා ගැනීමටද හැකියාව ඇත. වැඩි විස්තර නොමිලේ ලබා ගැනිමට දු.ක අංක 0776005873/0112702025 / 0112851290 අමතන්න.
වෛද්‍ය එම්. බී. සුමේධ පීරිස්
ප්‍රදීප් ගුරුසිංහ
Wmqgd .ekSu wo forK fjí wvúh